හංසනී ගෝමස්ගෙන් නව වාර්’තාවක්

0
128
NEWSNOW | –  තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්’තාවක් හිටුවා තිබේ.
ඒ කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් හංසනී ගෝමස් විසිනි.
ලෝක ශූරතා බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ මේ දිනවල තායිලන්තයේ දී පැවැත්වෙන අතර මෙය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසද ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වැදුණු හංසනී ගෝමස් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 76ක බරක් ඔසවමින් නව ජාතික වාර්’තාවක් පිහිටුවීමට සමත්වුණි.
මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් තරග වැඳුණු ඩිලංක ඉසුරු කුමාර 5 වැනි ස්ථානය දිනා ගත්තේය.
ඒ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 112 ක් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 145 ක් ඔසවමිනි.
මෙම තරග ඉසව්වේදී ඩිලංක එස වූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 247කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here