තායිවානයට ප්‍රබල භූ කම්පනයක්. සිව් දෙනෙකු මරුට[PHOTOS]

0
84
NEWSNOW | – රික්ටර් මාපකයේ ඒකක 7.4 ක් සටහන් කරමින් තායිවානයට ප්‍රබල භූ කම්පනායක සිදුව තිබේ.විදෙස් වාර්’තා පැවසුවේ වසර 25කට පසුව චීනය අසල පිහිටි වෙනම පාලනයක් සහිත රාජ්‍යයකි.
මේ අයුරින් ප්‍රබල භූමි කම්පාවකින් තායිවානය කැලැඹුණේ වසර 25 කට පසුව යැයි ද පැවැසෙයි. ගොඩනැගිලි සහ නිවාසවලට හානි සිදුව ඇත.
භූමි කම්පාව හටගත්තේ තායිවානයේ වේලාවෙන් උදේ 8 ට පමණය. භූමි කම්පාවත් සමඟ පිලිපීනය, ජපානය ඇතුළු අසල්වැසි රටවලට සුනාමි අනතුරු නිකුත් කළ නමුත් පසුව එම අනතුරු ඇගවීම් අහෝසි කෙරුණි.
තායිවානයේ ජාතික ගිනි නිවන ඒජන්සිය (NFA) පවසන පරිදි මෙම භූමිකම්පාවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තිබේ.
මෙම මරණ සියල්ල සිදුවී ඇත්තේ භූමිකම්පාවේ කේන්ද්‍රය ආසන්නයේ Hualien ප්‍රාන්තයේ ය.
අවම වශයෙන් පුද්ගලයින් 57 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් Hualien හි වැසියන් බව වාර්’තා වේ.
ඒජන්සිය මීට පෙර අනාවරණය කළේ මියගිය අයගෙන් එක් අයෙකු කඳු නගින්නෙකු බවයි.

Taiwan 7.5 earthquake live: At least one dead, 50 hurt after major tremor | Earthquakes News | Al Jazeera