විදේශිකයන්ට වීසා නිකුත් කිරිම පෞද්ගලික අංශයට?

0
98

NEWSNOW| –

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා විසා බලපත්‍ර නිකුත් කරන ක්‍රම​වේදයෙන් ඉවත් වී විදේශීය පෞද්ගලික ආයතනයක් වෙත එය ලබාදීමේ සූදානමක් පවතින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පෙන්වා දෙති.

මෙතෙක් වීසා බලපත්‍ර ලබාදීමේදී අන්තර්ජාලය ඔස්සේ වීසා අයැදුම් කිරීම (Online) හා ගුවන් තොටුපොළ වෙත පැමිණ (On Arrival) වීසා අයැදුම් කිරීමේ ක්‍රමවේදය මගින් ලද ආදායම ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබිණි.

මෙය විදේශීය පෞද්ගලික ආයතනයක් වෙත ලබාදීමෙන් මෙරටට ලැබුණු ආදායම් විදෙස් ආයතන වෙත බෙදීයන බවද නිලධාරීහු පෙන්වා දෙති.

අන්තර්ජාලය ඔස්සේ වීසා අයැදුම් කිරීමේදී ආසියානු රටවල අයට ඩොලර් 20ක් හා වෙනත් රටවල අයට ඩොලර් 55ක් වැය කර වීසා ලබාගත හැකිව තිබිණි.

ගුවන් තොටුපොළටම පැමිණි On Arrival visa ගැනීමේදී දකුණු ආසියානු රටක විදේශිකයකුගෙන් ඩොලර් 25ක්ද වෙනත් රටවල අයගෙන් ඩොලර් 60ක්ද අයකරනු ලැබීය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් කිසිඳු ගැටලුවකින් තොරව කරගෙන ගිය මෙම ක්‍රියාවලිය විදේශීය ආයතනයකට පවරා වීසා ගාස්තුව වැඩි කිරීමට සූදානම් වන බවද නිලධාරීහු පෙන්වා දෙති.