ධනංජයට ලැබුණු නව ස්ථානය

0
129

NEWSNOW| – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කරන ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ටෙස්ට් පිතිකරණ අංශයේ 14වැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සමත් වෙයි.

බංග්ලාදේශ තරග සංචාරයට පෙර ඔහු 29වැනි ස්ථානයේ රැඳී සිටි අතර පළමු තරගයේදී දැක්වූ දක්ෂතා මත ස්ථාන 15ක් ඉදිරියට පිවිසීමට ඔහුට හැකි විය. මේ අතර බංග්ලාදේශයේදී දැක්වූ දක්ෂතා සමගින් කමිඳු මෙන්ඩිස් එහි 65 වන ස්ථානයටද පැමිණීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකාවේ ටෙස්ට් පිතිකරුවන් අතරින් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරි‍යෙන්ම සිටින දිමුත් කරුණාරත්න 7 වන ස්ථානයේ රැඳී සිටියි.

මේ අතර පළමු තරගයේදී සුපුරුදු දක්ෂතා දැක්වීම නොහැකි වූ ඇන්ජෙලෝ මැතිව්ස් ස්ථාන 5ක් පසු බැස 27වන ස්ථානයට පැමිණ තිබෙන අතර ස්ථාන 8ක් පසු බැසීමට සිදු වූ දිනේෂ් චන්දිමාල් 28 වැනි ස්ථානයේ රැඳී සිටියි.

මේ අතර දැක්වූ දක්ෂතා හේතුවෙන් කසුන් රාජිත ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 6ක් ඉදිරියට පැමිණ 38 වැනි ස්ථානය හිමි කරගෙන තිබේ.

දක්ෂතා දැක්වූ ලහිරු කුමාර ස්ථාන 6ක් උසස්වීම් ලබා 46වැනි ස්ථානයටත්, ස්ථාන 7ක් ඉදිරියට පැමිණි විශ්ව ප්‍රනාන්දු 43වැනි ස්ථානයටත් පැමිණ තිබේ. ශ්‍රී ලංකා ටෙස්ට් පන්දු යවන්නන් අතුරින් පෙරමුණේ පසුවන ප්‍රභාත් ජයසූරිය 8වැනි ස්ථානයේ රැඳී සිටියි.