රාජසිංහ රජුගේ මාලිගාවේ වෛද්‍ය පරම්පරාවේ ගුරුවරයෙකු වූ මුහම්මද් වොඩයාර් මහතා අභාවප්‍රාප්ත වෙයි

0
1353

NEWSNOW | – මහනුවර රාජසිංහ රජුගේ මාලිගාවේ වෛද්‍ය පරම්පරාවේ ගුරුවරයෙකු වූ මුහම්මද් වොඩයාර් වයස අවුරුදු 102 දී අභාවප්‍රාප්ත විය.

මුස්ලිම්වරුන් ශ්‍රී ලංකාවේ රජවරුන්ගේ පාලන සමයේදී ඔවුන්ට ඉතා සමීපව සහ පක්ෂපාතීව කටයුතු කළ ඉතිහාසගත සිදුවීම් රාශියක් ඇත.

රජ දවස ඔවුන්ගේ උපදේශකයන්, මාලිගාවේ වෛද්‍යවරුන්, ආරක්‍ෂක නිලධාරීන් ලෙස කටයුතු කළේ මුස්ලිම්වරුන් බව ඉතිහාසයේ සඳහන් වේ.

එවැනි ඓතිහාසික පරපුරකට අයත් මහනුවර දෙවන රාජසිංහ රජුගේ දෙවන රාජසිංහ රජුගේ වෛද්‍ය පරපුරේ 5 වැනියා ලෙස සැලකෙන එකම ගුරුවරයා වන්නේ ෂෙයික් මුහම්මද් වොඩෙයාර්ය.

මාවනල්ලෙයි අරණායක කෙවිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු ඊයේ (22) අභාවප්‍රාප්ත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here