දුම්රිය සාමාන්‍යාධිකාරී බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වෙයි

0
142

NEWSNOW| –   දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වෙයි.

අද (23) උදෑසන ඒ මහතා බවඅභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්‍රාප්ත ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු පේරාදෙණිය හා මොරටු විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹීය.

දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) හා අතිරේක සාමාන්‍යාධිකාරි (යටිතල පහසුකම්) පදවි ඇතුළු දුම්රිය ක්ෂේත්‍රයේ ඉහළ පදවි රැසක් ද ඔහු විසින් හොබවනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here