මෙරට ණය තිරසරභාවය තහවුරු කිරීමට රජයෙන් වැඩපිළිවෙලක්

0
34

NEWSNOW | – ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා සියලු ණයහිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකි බව රජය දැඩි විශ්වාසයෙන් පසුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමෙරිකාවේ, වොෂින්ටන් හී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැසිවරායකට සමගාමීව පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, “අපි ලොව අඩුවෙන්ම බඳු අයකරන රටවලින් එක රටක් ලෙස නම් කෙරෙනවා. නමුත් මේ වැඩසටහන දියත්කිරීමත් සමගින් අප විසින් ක්‍රමයෙන් බදු ආදායම ඉහළ නංවා තිබෙනවා. අපි මේ වන විට බඳු ගෙවීමෙන් නිදහස් කිරීම ඉවත් කර තිබෙනවා. බදු අනුකූලතාවයන් ශක්තිමත් කර තිබෙනවා. 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11%ක් දක්වා රජයේ අදායම ඉහළ ගොස් තිබෙනවා. එය රජයේ ආදායමෙන් 8.1%ක ප්‍රතිශතයක්.”

“අපි 2024 වන විට එම අගය 12%ක් දක්වා ඉහළ අගයකින් බලාපොරොත්තුවනවා. ඒ වගේම අපට විශ්වාසයි අපට එම ඉලක්කය කරා යා හැකි බවට. මේ වන විට බදු අනූකූලතාවය 130% දක්වා වර්ධනයක් අත්පත්කරගෙන තිබෙනවා.”

“බදු සඳහා ලියාපදිංචිවීමද ඉහළ ගිහින්. එය හොඳ අගයක් වුනත් අපිට ඒ පිළිබඳව සෑහීමකට පත්වන්නට බැහැ. අපිට අවශ්‍යයි බදු ගෙවිය යුතු සියලු දෙනාම බදු ගෙවීමට යොමුකරන්න.”