ඊශ්‍රායලය ‘එකට දෙකක්’ කරන්නට සිතයි නම් ප්‍රතිවිපාක දරුණු වෙයි – රාජතාන්ත්‍රික නිලධාරි හොසේන් මතීන් අනතුරු අඟවයි

0
181
NEWSNOW | – ලන්ඩනයේ ඉරාන රාජතාන්ත්‍රික නිලධාරි සෙයිද් මෙහිදී හොසේන් මතීන්, අදහස් දක්වමින් කියා සිටියේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මාන බලන්නේ සිය බටහිර සගයන්ව මැද පෙරදිග ගැටුමට ඇද දමන්නට යයිද හා ඉරානයට හෝ ලොව අන් තැනෙක ඇති ඉරානයට හිමි රාජතාන්ත්‍රික ප්‍රශ්න වලට ප්‍රහාර එල්ල කිරීමේ වරද ඊශ්‍රායලය නැවතත් සිදුකරයි නම් ඒ සඳහා වන ඉරානයේ ප්‍රතිචාරය වඩාත් දරුණුතම මාරාන්තික එකක් වනු ඇති බවයි. එනිසා කලාපයට පමණක් නොව මුළු ලොවටම දැඩි අසීරුතා ඇති වනු ඇති බවද ඔහු අනතුරු ඇඟවීය. 2022 වසරෙහි මහ බ්‍රිතාන්‍යය වෙනුවෙන් ලන්ඩනයේ සිටි සිය තානාපතිවරයාව ඉරානය ආපසු කැඳවා ගත් වකවානුවේ සිට ඉරාන රාජතාන්ත්‍රික නිලධාරියා ලෙස මහබ්‍රිතාන්‍යයේ කටයුතු කරන්නේ හොසේන් මතින්ය.

Diplomat says Iranian embassy in London is calm and peaceful - Tehran Times

පසුගිය සති අන්තයේ ඉරානය විසින් ඩෝන හා මිසයිල 300 කට අධික සංඛඛ්‍යාවක් යොදා ගනිමින් ඊස්‍රායලයට සංකේතාත්මක ප්‍රහාරයක් එල්ල කළේය. එය සිදු කරන ලද්දේ ගතවුනු 2024 අප්‍රේල් 1 වන දින සිරියාවේ ඩැමැස්කස් නගරයේ පිහිටි ඉරාන තානාපති කාර්’යාලයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙසිනි. මෙම ප්‍රහාරය නිසා ප්‍රධාන පෙළේ ඉරාන නිලධාරීන් සත් දෙනෙකු මිය ගියහ. එම ප්‍රහාරයෙන් පසු නොපමාව නිවේදනයක් නිකුත් කරමින් ඉරානය කියා සිටියේ තමන් ඊශ්‍රායලයෙන් පලි ගන්නා බවයි.

Israel Iran War Live Updates: Air India suspends all flights to and from Tel Aviv till April 30

ඉරානය කී පරිදි ප්‍රහාරයක් ඊශ්‍රායලයට පසුගිය සති අන්තයේ එල්ල කළ නමුත් ඊශ්‍රායලය පවසන්නේ ප්‍රහාරයට යොදා ගන්නා ලද ඩෝන, කසේ මිසයිල සහ බැලිස්ටික් මිසයිල සියල්ලම පාහේ තමන් අහසේදීම විනාශ කර දැමූ බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට දැනටමත් ඊශ්‍රායලය අනතුරු අගවා තිබේ. මෙයට ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසන්නේ අප්‍රේල් 1 ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට ඉරානය දින 12 ක් ගත් නමුත් ඊශ්‍රායලය නැවතත් එවන් අනුවණ කමක් කරයි නම් ඉරානයේ පිළිතුර හැරෙන තැපෑලෙන්ම ලැබෙනු ඇති බවත් එය වඩාත් බිහිසුණු වනු ඇති බවත්ය. එනමුත් කිසිවිටෙක තමන් සිවිල් වැසියන් ඉලක්ක නොකරන බවද ඉරානය අවධාරණ කළේය.
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ අහිංසක සිවිල් වැසියන් 35000 ක් පමණ මේ වන විට ඝාතනය කර ඇති තත්වයක ඊශ්‍රායලයට එහිව කිසිදු සම්බාධකයක් පනවන්නට ඊශ්‍රායලයේ අඹ යහළුවන් දෙපළ වන එක්සත් ජනපදය සහ මහ බ්‍රිතාන්‍යය කටයුතු නොකළද තමන්ට එරෙහිව එල්ල කරන ලද හීති විරෝධී ප්‍රහාරයකට ජීවිත හානි කිසිවක් ඇති නොවන ආකාරයෙන් ඉරානය ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ පමණින්ම ඉරානයට සම්බාධක පැනවීමට ඇති ඉඩකඩ එක්සත් ජනපදය හා යුරෝපා සංගමය වේෂනය කරමින් සිටිති. එසේ වුවද ඉරානයට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්නට ඊශ්‍රායලය කටයුතු නොකළ යුතුයි යැයිම ඊශ්‍රායලයේ සහයන් ඊශ්‍රායලයට උපදෙස් දෙමින් සිටිති. මන්ද එසේ වුවහොත් මෙය කලාපයට පමණක් නොව මුලු ලොවටම බලපාන අර්’බුදයක් විය හැකි හෙයිනි. තත්වය දරුණු වුවහොත් සිය හොමුස් සමුද්‍ර සන්ධව වසා දමන බවට ඉරානය දැනටමත් තර්’ජනය කර ඇත. මෙම මුහුදු මාර්’ගය ලොව සෙසු පෙදෙස්වලට ඉන්ධන ප්‍රවාහනය සඳහා අතිශය වැදගත් එකකි.

One in five Britons feels UK should be more critical towards Israel, poll  finds | The Independent

ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කිරීම මගින් ඉරානය බරපතල වරදක් කර ඇත යැයි නගනු ලබන චෝදනා තරයේ හෙළා දකින හෙයින් මතීන් වැඩිදුරටත් කියා සිටියේ ඉරානය සිය ප්‍රහාරය සැලසුම් කළේ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව බවයි. තවද ඊශ්‍රායල වැනි මිනීමරු රෙජිමයකට නොකඩවා සහය ලබා දීම නිසා බටහිර රටවල වලංශුද්ධාවය නැති වී යමින් සිටන හෙයින් නොබෝ කලකින්ම එක්සත් ජනපදය ඇතුලූ රටවල් මැදපෙරදිගින් ඉවත් වනු ඇති බව හා මැදපෙරදිග තිරසාර සාමයක් සඳහා කලාපීය රටවලම එක්ව කටයුතු කරනු ඇති බවත් ඔහු පැවසිය. වසර 70 කට අධික කාලයක් එක්සත් ජනපදය මෙම අර්’බුදයට හොට දැමීම නිසා එය වඩාත් සංකීර්’ණ හා මාරන්තික වී ඇති බව පැහැදිලිය. තවද ඉරානයට ප්‍රහාරයක් එල්ල නොකරන මෙන් බටහිර රටවල් ඊශ්‍රායලයට අවවාද කරමින් සිටිනවා පමණක් නොව එසේ ප්‍රහාරයක් දියත් කළොත් එයට තමන් සහය ලබා නොදෙන බවත් එක්සත් ජනදපය ප්‍රකාශ කර තිබීම මෙවන් නික්ම යාමකට පූර්’විකාවකි.
මතීන් වැඩිදුරටත් කියා සිට්ගේ වත්මන් හමාස් – ඊශ්‍රායල යුද්ධය නෙතන්යාහුට හිගන්නාගේ තුවාලයක් බවට පත්ව ඇති නිසා ඊශ්‍රායලයේ දැඩි මහජන අප්‍රසාදයට ලක්ව සිටින නෙතන්යාහුට අවශ්‍ය වන්නේ ගැටුම සැහිදා පවත්වා ගෙන යන්නට මිස එය අවසන් කරන්නට නොවන බවයි. තම අගමැති පුටුව ටික කලකට බේරා ගන්නට මුලු මැද පෙරදිගටම ගිනි අවුලවන්නට නෙතන්යාහු සැලසුම් කරන මෙම උපායට බටහිර ඇතුලු ලොව රටවල් හසු නොවිය යුතු යයිද මතීන් ඉල්ලා සිටියේය. තවද තමන් සාධාරණව හා ප්‍රායෝගිකව කටයුතු කරන්නන් බවට ලොවට ප්‍රදර්ශනය කිරීමට බටහිර රටවලට මෙය කදිම හා අවසාන අවස්ථාව විය හැකිය යයි ඔහු විශ්වාසය පළ කළේය.
තවද ඊශ්‍රායලය විසින් සිදු කරන ලද ඩැමැස්කස් ප්‍රහාරය වෙනුවෙන් යම් පියරක් ගන්නා මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතින් ඉරානය ඉල්ලා සිටියද එයට කිසිදු ප්‍රතිචාරයක් නොලද විට ඉරානයම ඒ සඳහා පියවර ගත් බවද පෙන්වා දෙන මතීන් අවධාරණය කරන්නේ එවන් පියවරක් ගැනීමට එ.ජා ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන සලකා ඇති බවයි.
මේ අතර බ්‍රිතාන්‍යට අයත් රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයකට සතුරු බලවේගයක් ප්‍රහාරයක් එල්ල කළහොත් මහ බ්‍රිතාන්‍ය කුමක් කරනු ඇතිදැයි මාධ‍්‍යවේදියෙකු බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් කැමරන්ගෙන් ප්‍රශ්න කළ විට අනිවාර්’යයෙන්ම මහා බ්‍රිතාන්‍ය දැඩි හමුදාමය පියවර එම සතුරු බලවේගයට එරෙහිව සිදු කරන්නට දෙවරක් නොසිතනු ඇත යයි කැමරන් කළ ප්‍රකාශයද මතින් උපුටා දැක්වීය.
David Cameron makes shock comeback as Rishi Sunak's foreign secretary in UK  reshuffle – POLITICO
එමෙන්ම පසුගිය සති අන්තයේ ඉරානය විසින් ඊශ්‍රායලයට එවූ මිසයිල සිවල් ඉලක්ක මත පතිත වී තිබුනොත් විශාල ලෙසින් ජීවිත විනාශ ඇති වන්නට තිබුනේය යයි කැමරන් සිදු කළ ප්‍රකාශය ගැන අදහස් දක්වමින් මතීන් කියා සිටියේ පලස්තීන සිවිල් වැසියන් 35,000 ක් මේ වනවිට ඝාතණය කර ඇති ඊශ්‍රායලය වැනි සාහසික රෙජිමයකට නොකඩවා ආයුධමය හා හමුදාමය සහය ලබා දෙන මහ බ්‍රිතාන්‍යය වැනි රාජ්‍යයක උසස් නිලධාරියෙක් මෙසේ ඊශ්‍රායල වැසියන් ගැන පමණක් සංවේග වීම හාස්‍ය ජනක බවයි. තවද ඉරානය සිවිල් පෙදෙස් ඉලක්ක නොකළේ අහම්බෙන් නොවේ. සිවිල් වැසියන් ඝාතණය කිරීම ඉරානයේ හෝ ඉස්ලාම් ධර්’මයේ යුධමය මග පෙන්වීම් වලට අනුකූළ නොවන නිසාය. තවද ඉරානය ‘ එකට එකක් කර ඇති නිසා ගනුදෙනුව හමාර බව විශ්වාස කරන නමුත් ඊශ්‍රායලය ‘එකට දෙකක්’ කරන්නට සිතයි නම් ප්‍රතිවිපාක දරුණු වනු ඇති බවද මතීන් අනතුරු ඇගවීය. තවද වත්මන් ඉරානය යනු ඇමරිකන් පඹයෙකුවය සිටි ෂාටහන් හා රිසා පැහැලවී රජුගේ කාලයේ හෝ ඉරාන – ඉරාක යුද්ධ සමයෙහි ඉරානය නොවන බවද සති අන්තයෙහි කලාපයේ න්‍යශ්ටික චණ්ඩියෙකු’ වන ඊශ්‍රායලයේ ගෙදරටම ගොස් කනට පහරක් ගැසීමෙන්ම එය සනාථ වන බවද හොසේන් මතීන් වැඩිදුරටත් පැවසීය. ඒ අනුව සිය රටේම මිසයිල නිපදවා ගන්නා ඉරානය දැන් කලාපීය සුපිරි බලවතෙක් යයිද ඔහු අවධාරණය කළේය. එමෙන්ම ඊශ්‍රායලයේ අඹ යහළුවන් දැන් නින්දෙන් අවදි වූවා සේ ඉරානයට එරෙහිව සම්බාධක පැනවීම ගැන කථා වන නමුත් ඒ කිසිවයක් ඉරානයට අමුනු හෝ අළුත් දේවල් නොවන බවද ඉරානය නවීන තාක්‍ෂික අවි ආයුධ වලින් ස්වංපෝෂිත වී ඇත්තේ හා න්‍යෂ්ටික බලයක් බවට පත්වෙමින් සිටින්නේ ඔවැනි ඊනියා සම්බාධක අතරම බවත් ඇමරිකාවේ බහුබූත සම්බාධක නිසා ඉරානයේ ගමන් මත කිසිවිටෙක වෙනස් නොවන බවද හොසේන් මතින් වැඩිදුරටත් අවධාරණය කළේය.
Iran Commander warns Tehran could review its 'nuclear doctrine' amid Israel  threats – Middle East Monitor
පසුගිය දින බ්‍රි‍තාන්‍ය පාර්’ලිමේන්තුවෙහි ඉරානය විසින් ඊශ්‍රායලයට සිදු කරන ප්‍රහාරය හෙළා දකිමින් යෝජනාවක් සම්මත කර ගැනීම ගැන විමසු විට හොසේන් මතීන් කියා සිටියේ පාර්’ලිමේන්තුවේ නොව මහ බ්‍රිතාන්‍ය වීදිවලට ගොස් මහජන මතය කෙබඳු දැයි විමසා බැලීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි. ඊශ්‍රායලය විසින් පලස්තීන වැසියන්ට මාරාන්ති ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත් දින සිට මහ බ්‍රිතානයේ වීදිවලට පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත ජනයා එය හෙළා දකින්නට වූ බව මුළු ලොවම දනියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here