සිරිල් ගාමිණී පියතුමන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුවට ප්‍රකාශයක්

0
60
NEWSNOW | – “ඥානාර්ත ප්‍රදීපය” කතෝලික පුවත්පතේ ප්‍රධාන කතෘ සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අද(19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී තිබේ.
පියතුමන් විසින් පැය 4කකාලයක් එම ප්‍රකාශය ලබා දී ඇති බව වාර්’තා වේ.
එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කර සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුව වෙත ඉදිරිපත් කළ බවය.
මේ අතර පසුගිය දිනක ජනාධිපතිවරයා වෙත පිටු 12 කින් සමන්විතව යොමු කළ ලිපිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැවසු සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කර සිටියේ, අද දින භාරදුන් කරුණු පිළිබඳව පමණක් ගැඹුරින් අවධානය යොමුකිරීම තුළින් පමණක් වුවත් පාස්කු කුමන්ත්‍රණය ගැන සොයාගත හැකි බවය.
එළැඹෙන ඉරුදින වෙන විට පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් සපිරෙන බව ද සඳහන් කළ එතුමා ඒ වෙනුවෙන් පාගමනක් ද සංවිධානය කර ඇති බවත් සියලු ජනතාවට ඒ සමග එක්වෙන ලෙස ද ආරාධනා කළේය.