ලෝක විවාහක රූ රැජින තරඟයට යන ශ්‍රී ලංකික තරඟකාරිය තුෂාරී

0
581
NEWSNOW | – ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින – 2024 ( Queen of the World – 2024 ) තරගාවලිය සදහා ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා තුෂාරි ජයකොඩි මහත්මිය අද (19) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය .
මෙම තරගාවලිය ඇමෙරිකාවේ නිව්යෝර්’ක් නුවර ලබන 21 දින සිට 25 දින දක්වා ලෝකයේ රටවල් 33 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.
තුෂාරි ජයකොඩි මහත්මිය පසුගිය දා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ වයස අවුරුදු 50 ට වැඩි කාණ්ඩයේ තරගයෙන් ජයග්‍රහණය හිමි කරගෙන මෙම තරගාවලියට ඉදිරිපත් වීම සදහා සුදුසුකම් ලැබුවාය .
තුෂාරි ජයකොඩි මහත්මිය මීගමුව ප්‍රදේශයේ පදිංචි තිදරු මවක වන අතර ඇය මැලේසියානු ගුවන් සේවයේ සේවිකාවක ලෙස සේවය කරමින් සිටින්නියකි.