නැවත අරගලයකට නොයන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්

0
105
NEWSNOW | – නැවත අරගලයකට යොමුනොවී රට ගොඩනැගීමට සියලුදෙනා එක්වන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අද කොළඹදී ‘ITC Ratnadipa’ අතිසුඛෝපභෝගී හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
“අවුරුදු දෙකකට කලින් මෙතෙන තිබුණේ විශාල උද්ඝෝෂණයක්. මෙතෙන තිබුණේ අරගලයක්. වටේ වට කරලා තිබුණා. අද ඒ වෙනුවට තියෙන්නේ, විශාල හෝලයක්. ITC සමාගමේ, හෝටලය මෙතැන තියෙන Ratnadipa. අවුරුදු දෙකකින් ස්ථාවරභාවය ඇති කළා. අවුරුදු දෙකකින් ආර්’ථිකයට පණ දුන්නා. අපි එතැනින් ඉදිරියට යන්නේ. මෙතැන තියෙන අවුල පහුකරලා, අපි ඒ වෙනුවට අලුත් ආර්’ථිකයක් හදන්න ක්‍රියාකරගෙන යනවා. කිසි දවසක ආපහු අරගලයට යන්න එපා. තමන්ගේ ආර්’ථිකය ආපහු කඩා වැටිලා වැඩක් නෑ. අස්ථාවරභාවයක් ඇති කරලා වැඩක් නෑ. අපි මෙතැන ඉඳන් ඉදිරියට යමු මීට වඩා හොඳ රතන දීපයක් ඇති කරන්න.”
ඉන්දියාවේ ITC හෝටල් සමූහය ඉන්දියාවෙන් පිටත ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය ගාලුමුවදොර ඉදිරිපිට ගොඩනැගූ අතර එය නම් කර ඇත්තේ ITC Ratnadipa Colombo ලෙසය.
මේ සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400කි.
එහි හෝටල් කාමර 350ක් පවතී.
ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100 ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලම මෙහි විශේෂත්වය වන අතර මෙරට එවැන්නක් ඉදි කෙරුණු පළමු වතාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here