ජනාධිපති සහ බිල් ගේට්ස් අතර හමුවක්

0
278

NEWSNOW | – ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් ගේට්ස් අතර හමුවක් සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඩුබායිහි එක්ස්පෝ සිටි හි පැවත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) අතරතුරදී මෙම හමුවීම සිදුව ඇත්තේ අද (03) දිනයේදීය.

ගෝලීය අභියෝග සහ නිවර්’තන කලාපය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි නායකත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව සිදුකර තිබේ.

කෘෂිකාර්මික නවීකරණය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාව දියත් කර ඇති හරිත වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිතුමා කරුණු ඉදිරිපත් කර ඇත.

එමෙන්ම කෘෂිකාර්මික නවීකරණය, දත්ත පද්ධති සහ දේශගුණික විශේෂඥතාව අවධාරණය කරමින් Bill and Melinda Gates Foundation පදනම හරහා සහයෝගය ලබා දෙන බවයි එහිදී බිල් ගේට්ස් ජනපති හමුවේ ප්‍රකාශකර සිටියේය.