කාලගුණයෙන් රතු නිවේදනයක්

0
19

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

උතුරු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළට ඔබ්බෙන් පැවැති ගැඹුරු පීඩන අවපාතය ඊයේ (23) කාලිංගපටනම් හරහා ගොඩබිමට ඇතුළු වී, අද (24) පෙ.ව. 05.30 වන විට කන්කසන්තුරේ සිට කිලෝමීටර් 1,100ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පවතී.

මෙහි බලපෑමෙන් අදාළ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 දක්වා ප්‍රබල සුළං සහ තද වැසි සමඟ මුහුද ඉතා රළු විය හැක.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10°N – 22°N සහ නැගෙනහිර දේශාංශ 82°E – 90°E අතර මුහුදු කලාපයේ නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත්, දැනට එම ප්‍රදේශවල රැඳී සිටින යාත්‍රා වහාම ඉවත් වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here