චීන දූත පිරිස දේශගුණික විපර්’යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අතර හමුවක්

0
18
NEWSNOW | – චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්’තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්’යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්’ධන මහතා හමුවී තිබේ.
ඒ ජනාධිපති කාර්යාලයේ දීය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්’ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද එම අවස්ථාවට සහභාගී විය.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳව මෙන්ම ආර්’ථික අර්’බුදය ජය ගැනීම සම්බන්ධයෙන් දෙපාර්’ශවය එහිදී සාකච්ඡා කළ බව රුවන් විජයවර්’ධන මහතා පැවසීය.
මෙහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්’තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් මහත්මිය ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සහ ආර්’ථික අර්’බුදය ජය ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජය ගෙන යන වැඩ පිළිවෙල පැසසුමට ලක් කළ බව ජනාධිපති කාර්’යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here