ඉරාන ජනපතිගේ පැමිණීම රටට වාසියක්ද? අවාසියක්ද?

0
168

NEWSNOW | – ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම, විශේෂඥතාවය හා අත්දැකීම් බෙදා ගැනීමට සුදානම් බව ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසුවේය.

Sri Lanka defies US warning of sanctions to host Iranian president | Tamil  Guardian

උමා ඔය බහුකාර්’ය සංවර්ධන ව්‍යාපෘතිය ජනසතු කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් ඉරාන ජනපතිවරයා ඊයේ(24) පැවසුවේ , දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බවය.

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්’ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.

Iran president visits Sri Lanka without wanted minister | Mena – Gulf News

ඉරාන ඉස්ලාමීය ජනරජය සතු නවීන තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාව සමග බෙදාගැනීමට සුදානම් බව ද ජනාධිපතිවරයා කීය. උමා ඔය බහු කාර්’ය සංවර්’ධන යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඉරාන ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

මෙම අවස්ථාවට සහභාගීවන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත කරන ලද ආරාධනාව පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා. අපගේ රටවල් දෙක අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන ඒකාබද්ධතාවයේ සංකේතයක් වන මෙම උත්සවයට සහභාගිවීමට ලැබීම ද මම මහත් ගෞරවයක් ලෙස සලකනවා.

President meets Iranian President on the side-lines of the UNGA –  Presidential Secretariat of Sri Lanka

මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් බව කිවයුතුයි. අද, අපි මෙම විශිෂ්ට බහුකාර්’ය සංවර්’ධන ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කරනවා. නමුත් මෙහි පවතින වඩාත්ම වැදගත් කාරණය වන්නේ අපගේ රටවල් දෙක සහ ආසියානු කලාපයේ ජාතීන් අතර උපරිම සහයෝගීතාව, ඒකාබද්ධතාවය, සහජීවනය සහ එකමුතුකම මෙමඟින් සහතික කිරීම බව මම විශ්වාස කරනවා.

පසුගිය වසර 45 තුළ ලබා ඉරානය ලබා ගත් අත්දැකීම් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්’ධනය වෙනුවෙන් බෙදා ගැනීමට අප සූදානම් බවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමග මනා හවුල්කාරිත්වයිකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව මම සහතික කරනවා. යැයි ඉරාන ජනාධිපතිවරයා පැවසීය.

Iran's Raisi says Israel must be brought to justice for 'usurpation' of  Palestinian territories | AP News

මේ අතර ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකරන රටවලට කොයි මොහොතේ හෝ සම්බාධකවලට ලක්වීමේ අවදානමක් තිබෙන බව එම රටවල් මතක තබාගත යුතු යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශක වේදාන්ත පටෙල් මහතා පවසා තිබේ.

එහෙත් ඕනෑම රටකට සිය විදේශ ප්‍රතිපත්තිය තීරණයේ කිරීමේ අයිතියක් තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ දින 3ක සංචාරය ඊයේ (24) නිම කර ශ්‍රී ලංකාව බලා පිටත් වීමෙන් පසුව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට බලාපොරොත්තු වන රට වලට එම අනතුරු ඇඟවීම සිදු කළේය.

කෙසේ වෙතත් ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට ඇමෙරිකාවේ විරෝධයක් නොමැති බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්’යාලය සඳහන් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ස් ස්වෛරීභාවයට හැමවිටම ගරු කරන බව ද ‘ලංකාදීප’ ය කළ විමසුමකදී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යා ලයේ ප්‍රකාශකයෙක් පැවැසුවේය.

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි ශ්‍රී ලංකාවේ කළ සංචාරයට ඇමෙරිකාව විරෝධයක් නොදක්වන බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයන් පිළිබඳ අදහස් විමසිය යුත්තේ ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට ඇමෙරිකාව මැදිහත් නොවන බව ද එම ප්‍රකාශකයා පැවැසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here