ඊශ්‍රායලය ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් බලයි

0
203

NEWSNOW| – ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බව ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායලය මෙසේ පැවැසුවේ පසුගිය 13 වැනිදා එල්ල වුණු එම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල යුද මණ්ඩලය රැස්වී සාකච්ඡා පැවැත්වීමෙන් ද පසුවය.

ඊශ්‍රායලයේ ප්‍රධාන හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි මාධ්‍ය හමුවේ පැවැසුවේ, ඉරානය ඔවුන්ගේ ප්‍රහාරයට දිගු දුර බැලස්ටික් මිසයිල 120 කට වැඩි ප්‍රමාණයක්, ඩ්‍රෝන යානා 170 ක් වැඩි ප්‍රමාණයක් සහ කෲස් මිසයිල 30 කට වැඩි ප්‍රමාණයක් යොදා ගත් බවය.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ, ඉරානය සමඟ ඕනෑම මොහොතක ගැටුමකට යෑමට තමන් සූදානම් බවය.

“ඉරානය වසර ගණනක් තිස්සේ අපට පහර දෙන්න බලාගෙන හිටියා. දැන් ඔවුන් එය කළා. ඇමෙරිකාව,  බ්‍රිතාන්‍යය අප සමඟ සිටීම අපට ලොකු ශක්තියක්.‍ ඊශ්‍රායලය යනු ශක්තිමත් රටක්. නොසැලෙන රටක්. අපට ඉන්නවා ශක්තිමත් හමුදාවක්. ශක්තිමත් රට වැසියන් පිරිසක්. අපට හානි කරන අයකුට අප සමාව දෙන්නේ නැහැ. අප පෙරළා පහර දෙනවා. අපට පහර දුන්නොත්, පෙරළා පහර දී ආරක්ෂා වෙන්න අපට අයිතියක් තියෙනවා” යැයි ඊශ්‍රායල අගමැතිවරයා වැඩි දුරටත් පවසා ඇත.

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය රැස්විය. ඊට අමතරව, ‘ජී7’ කණ්ඩායමට අයත් රටවල රාජ්‍ය නායකයෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද හමුවක් පැවැත්වූහ.

‘ජී7’ කණ්ඩායමට අයත් රටවල් වන්නේ ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ජපානය, ජර්මනිය, ප්‍රංශය, කනඩාව සහ ඉතාලියයි. ඊශ්‍රායල හිතවාදී බටහිර රටවල් බොහොමයක්, ඉරානය එල්ල කළ එම ප්‍රහාරය හෙලා දැක ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here