ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද

0
120
NEWSNOW | – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය චිතගොංහි දී අද (13) ආරම්භ වේ.
අද පස්වරු 2ට තරඟය ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එම එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත්ය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ බංග්ලාදේශ සමග පැවැති 20-20 තරගාවලිය 2ට 1ක් ලෙස ජයගෙන ජයග්‍රාහී මානසිකත්වයකිනි.
එක්දින තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) එළිදැක්වුණි.