වැලිමඩ සරස්වති විද්‍යාලයේ සිසුන්ට සහිරා 2009 ආදී සිසුන් පොත්පත් බෙදා දෙයි

0
73

NEWSNOW | –  ඌව පළාතේ වැලිමඩ පිහිටි සරස්වති විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් පොත්පත් බෙදා දෙයි.

ඒ කොළඹ සහීරා විද්‍යාලයේ 2009 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසිනි.

2009 වසරේ සහීරා ආදි ශිෂ්‍ය කණ්ඩායම ඔවුන්ගේ 15 වන සංවත්සරය වෙනුවෙන් ‘අකුරට පියාපත්’ සංකල්පය පෙරදැරිව ලංකාවේ අධ්‍යාපනය නගා සිටුවන්නට කළ මෙහෙවරකි.

සරස්වතී දමිළ විද්‍යාලයේ සෑම ආගමක දරුවෝ 150ක් පමණ අධ්‍යාපනය ලබති. ඒ සියලුම දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය පොත් පත් හා අනෙකුත් සියලුම ලිපි ද්‍රව්‍ය මුලු පාසලටම බෙදා දෙන ලදී.

දුෂ්කර පාසල් වල අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් සහීරා විද්‍යාලයේ 2009 කණ්ඩායම ගන්නා මේ උත්සහය අපි අගය කරන්නෙමු.

ඡායාරූප – අබ්දුල් රහ්මාන් අසීම්