USS Abraham Lincoln නෞකාවේ සෙබළුන් දැඩි මානසික හා ශාරීරික පීඩාවක

0
7
190130-N-PW716-1312 ATLANTIC OCEAN (Jan. 30, 2019) The Nimitz-class aircraft carrier USS Abraham Lincoln (CVN 72) transits the Atlantic Ocean during a strait transit exercise. Abraham Lincoln is underway conducting a composite training unit exercise with Carrier Strike Group (CSG) 12. (U.S. Navy photo by Mass Communication Specialist 3rd Class Clint Davis/Released)

ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා මැදපෙරදිග කලාපයේ දිගුකාලීනව යොදවා ඇති අමෙරිකාවේ ‘USS Abraham Lincoln’ ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලය දැඩි දුෂ්කරතාවලට සහ මානසික පීඩනයට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මෙම නෞකාව නැවත කැඳවීම දිගින් දිගටම ප්‍රමාද වී ඇති අතර, ඒ හේතුවෙන් නාවිකයන් සහ සෙබළුන් 5,000 කට ආසන්න පිරිසක් මාස 9 කට ආසන්න කාලයක් (අඛණ්ඩව දින 250 ක්) ගොඩබිමකට පා නොතබා නෞකාව තුළම කාලය ගත කරති.

මෙම අඛණ්ඩ සේවා කාලය නිසා ඇති වූ පීඩනය හමුවේ සෙබළුන් කිහිප දෙනෙකු මුහුදට පැන සියදිවි හානිකර ගැනීමට පවා උත්සාහ කර ඇති බව එම වාර්තා පෙන්වා දෙයි. මීට අමතරව, නෞකාව අභ්‍යන්තරයේ සනීපාරක්ෂක පහසුකම් අඩාල වී ඇති අතර, කැඩුණු වැසිකිළි මෙන්ම මූලික සනීපාරක්ෂක ද්‍රව්‍යවල දැඩි හිඟයක් පැවතීම නිසා නාවිකයින්ගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here