දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (14) දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය සෙල්සියස් අංශක 39 සිට 45 දක්වා අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පවතින මෙම තත්ත්වය හමුවේ එළිමහනේ සිදුකරන අධික වෙහෙසකර කටයුතු සීමා කරන ලෙසත්, විජලනය වළක්වා ගැනීමට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

