බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් ඇතුළුව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල කාලගුණය වෙනස් වෙමින් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එහිදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. තවද, ඌව පළාතට මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී.
වායුගෝලීය තත්ත්වයන් සැලකීමේදී උතුරු මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ හදිසියේ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

