ඉරානයට එරෙහිව නැවතත් ප්‍රහාර එල්ල කිරීමට ට්‍රම්ප් සැරසෙයි

0
6

ඉරානය සමඟ නැවත සාකච්ඡා ආරම්භ කිරීම සඳහා එරට රජයට බලපෑම් කිරීමේ අරමුණින්, ඉරානය ඉලක්ක කර ගනිමින් නැවතත් ප්‍රබල ප්‍රහාර මාලාවක් දියත් කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විටත් නව ප්‍රහාරයක් දියත් කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා එරට ආරක්ෂක අංශ වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි. මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, ඇමෙරිකාව විසින් ඉරානයට ඉතා දැඩි ලෙස පහර දෙනු ඇති බවත්, එම පීඩනය තවදුරටත් දරාගත නොහැකි තැනකදී ඔවුන් සාකච්ඡා මේසයට පැමිණෙනු ඇති බවත්ය.

මේ අතර, ඇමෙරිකාවේ මීළඟ ඉලක්කය වී ඇත්තේ ඉරානයේ විදුලි බලාගාර සහ තෙල් පිරිපහදු වැනි ප්‍රධාන බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීම බව ද විදෙස් මාධ්‍ය වාර්තා මඟින් අනාවරණය වේ. කෙසේ වෙතත්, සාමාන්‍ය ජන ජීවිතයට සෘජුවම බලපාන මෙවැනි සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර නීතියට අනුව යුද අපරාධ ගණයට වැටිය හැකි බවට මානව හිමිකම් සහ උපදේශන සංවිධාන මේ වන විටත් අනතුරු අඟවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here