2025 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, විශ්වවිද්‍යාලයන්හි විවිධ අධ්‍යයන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අවම ‘Z’ අගයන් (Z-Score) මේ වන විට නිකුත් කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව මෙම නවතම දිස්ත්‍රික් අවම ‘Z’ අගයන් ප්‍රකාශයට පත් කළ බවයි.
ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාල සහ පාඨමාලා සඳහා තේරී පත්වීමට අවශ්‍ය වන අවම ‘Z’ අගයන් පහත පරිදි වේ.

