බාහිර ආයෝජන සැලැස්ම අත්හැරීමට FIFA තීරණය කරයි

0
5

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) බාහිර ආයෝජකයින් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ නව පුද්ගලික ආයෝජන සැලැස්ම ඉදිරියට නොගෙන යාමට තීරණය කර තිබේ.

FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ සඳහන් කළේ, එම සැලැස්ම ක්‍රියාත්මක නොකරන බවයි.

මෙම යෝජනාව යටතේ ලෝක කුසලානය ඇතුළු ප්‍රධාන පාපන්දු තරගාවලි කළමනාකරණය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක වටිනාකමකින් යුත් නව අනුබද්ධිත ආයතනයක් පිහිටුවීමටත්, එහි සියයට 20ක කොටස් බාහිර ආයෝජකයින් වෙත අලෙවි කිරීමටත් සැලසුම් කර තිබුණි.

කෙසේ වෙතත්, එම ආයෝජන සැලැස්ම ක්‍රියාත්මක කළහොත් ඉදිරි ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කරන බවට යුරෝපීය පාපන්දු සම්මේලනය (UEFA) මීට පෙර අනතුරු අඟවා තිබුණි. ඒ අනුව, විවිධ පාර්ශ්වවල විරෝධය සැලකිල්ලට ගනිමින් FIFA එම යෝජනාව අත්හැරීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here