ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවයට පත්වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ බවට සැකකෙරෙන පොලිස් නිලධාරියෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පරිගණක විමර්ශන අංශය අද (31) සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකි.
සැකකාර නිලධාරියා අද දිනයේදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

