මාසික ඉන්ධන මිල සංශෝධනය අද

0
4

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව සිදුකරනු ලබන මාසික ඉන්ධන මිල සංශෝධනය අද (31) බොහෝ දුරට සිදුවීමට නියමිතව තිබේ.

වාර්තා වන අන්දමට, අද දිනය තුළ ලෝක වෙළෙඳපොළේ පවතින බොරතෙල් මිල ගණන් ක්‍රමානුකූලව පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙරට ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය.

මේ අතර, ඊයේ දිනයට සාපේක්ෂව අද උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල සුළු පහළ යෑමක් දක්නට ලැබේ.

ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 89.69ක් ලෙස සටහන් වී ඇති අතර, ඩබ්ලිව්.ටී.අයි. (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 84.5ක් ලෙස සටහන් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here