ඉන්දීය හිටපු ටෙස්ට් නායක අජින්ක්‍යා රහනේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

0
2

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු මෙන්ම හිටපු ටෙස්ට් නායකයකු ද වන අජින්ක්‍යා රහනේ සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග රටාවලින් සමුගැනීමට තීරණය කර තිබේ. සිය නිල සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඔහු මේ බව නිල වශයෙන් නිවේදනය කර ඇත. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ රහනේ, සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 85ක්, එක්දින තරග 90ක් සහ විස්සයි විස්ස තරග 20ක් සඳහා මව්බිම නියෝජනය කරමින් දස්කම් දක්වා තිබේ.

අජින්ක්‍යා රහනේ යනු ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම ටෙස්ට් නායකයෙකු ලෙස ද ඇගයීමට ලක්වන්නෙකි. ඔහු ටෙස්ට් තරග 6කදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා ඉන් තරග 4ක් ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර, ඉතිරි තරග 2 ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය. විශේෂයෙන්ම ඔහුගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී ලැබූ 2-1ක් වූ ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සටහනකි.

ප්‍රබල පිතිකරුවකු වූ හෙතෙම සිය ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් ශතක 12ක් සමඟින් ලකුණු 5,077ක් ද, එක්දින ශතක 3ක් සමඟින් ලකුණු 2,962ක් සහ විස්සයි විස්ස ලකුණු 375ක් ද රැස්කර ගනිමින් ඉන්දීය පිතිකරණ බලඇණිය ශක්තිමත් කළ ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here