ඉමේෂා දුලානිගෙන් වාර්තාගත විස්සයි20 ශතකයක්

0
12

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගෙන් පසුව, ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී ශතකයක් රැස්කළ එකම ශ්‍රී ලාංකික පිතිකාරිනිය බවට පත්වීමට ඉමේෂා දුලානි අද (31) සමත් වූවාය.

දඹුල්ලේදී පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගයේදී ඇය මෙම සුවිශේෂී ඓතිහාසික දක්ෂතාව ප්‍රදර්ශනය කළාය. මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු පමණක් අවස්ථා තුනකදී විස්සයි20 ජාත්‍යන්තර ශතක රැස්කර තිබුණි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 177ක ප්‍රබල ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම, තරගයේ 19 වැනි පන්දුවාරයේදී ජයග්‍රහණය සනිටුහන් කළේය.

ශ්‍රී ලංකාව ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩාකළ ඉමේෂා දුලානි, පන්දු 64ක් තුළ පමණක් නොදැවී ලකුණු 101ක් රැස්කර ගැනීමට සමත් වූවාය. ප්‍රේක්ෂකයින් මන්මත් කළ ඇගේ මෙම විශිෂ්ට ඉනිම හතරේ පහර 17කින් සහ දැවැන්ත හයේ පහරකින් වර්ණවත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here