දිවයිනේ ඩෙංගු මරණ 62 දක්වා ඉහළට.රෝගීන් 84,000 පනී

0
7

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මේ වසරේ ගත වූ කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,724ක් දක්වා වර්ධනය වී තිබේ.

ඉන් කැපී පෙනෙන වර්ධනයක් සටහන් වී ඇත්තේ ජූලි මාසය තුළ වන අතර, ඊයේ (30) දින දක්වා වූ එම මාසය තුළ පමණක් ආසාදිතයන් 29,350 දෙනෙකු වාර්තා වී ඇත.

පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී බස්නාහිර පළාතෙන් උපරිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර, එම ප්‍රමාණය 44,829කි. දිස්ත්‍රික්ක වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,971ක් ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,814ක් ද සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,873ක් ද ලෙස වසරේ මේ දක්වා කාලය තුළ හඳුනාගෙන තිබේ.

මීට අමතරව, දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 12,738ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 7,370ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here