මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි. නෙතන්යාහු වොෂින්ටනයට පැමිණෙයි.

0
4

එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම් නිරාකරණය කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙන අතරතුර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විශේෂ රාජ්‍ය තාන්ත්‍රික හමුවක් සඳහා වොෂින්ටන් ඩී.සී. වෙත පැමිණ තිබේ.

ඉරානය සමඟ වොෂින්ටනය “ඉතා සමීප සහ මිත්‍රශීලී සාකච්ඡාවල” නිරත වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, මෙම සාකච්ඡා දීර්ඝ කාලයක් ඇදගැනීමට තමන් සූදානම් නොමැති බවත්, රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අසාර්ථක වුවහොත් දැඩි හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අතර, තෙහෙරාන් පාලනය ප්‍රකාශ කරන්නේ ඇමරිකාව මෙම යුද්ධයෙන් ගැලවී යාමට ක්‍රමයක් නොමැතිව අර්බුදයකට ලක්ව සිටින බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වොෂින්ටනය වෙත පැමිණ ඇති අතර, ඔහු ජනාධිපති ට්‍රම්ප් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය. මෙම සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාව ලෙස ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය සහ කලාපීය ආරක්ෂාව පෙරමුණට ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සෞදි අරාබියේ රියාද් නුවරට මෙන්ම නැගෙනහිර පළාතේ පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් ඉරාන හිතවාදී ඉරාක කණ්ඩායම් විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරය සෞදි අරාබිය දැඩි ලෙස හෙළා දැක තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් ෆෝල්කර් ටර්ක් (Volker Türk) අල් ජසීරා නාලිකාවට අදහස් දක්වමින් පවසා ඇත්තේ, ලෙබනනය තුළ ඊශ්‍රායලය විසින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවට සාක්ෂි තම කාර්යාලය මඟින් ලේඛනගත කර ඇති බවයි. ඉන් ඇතැම් ක්‍රියාමාර්ග ‘යුද අපරාධ’ (War Crimes) මට්ටමට වැටෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here