ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් විසින් නිකුත් කරන ලද 2026 වර්ෂයේ ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයන් අතර 4 වන ස්ථානයට පත්වෙමින් සුවිශේෂී පිළිගැනීමක් ලබා ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රමුඛස්ථානය වියට්නාමයටත්, දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් බෙලීස් සහ මොසැම්බික් යන රාජ්‍යයන්ටත් හිමිව තිබේ.
ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා යන අංශයන්ගෙන් ශ්‍රී ලංකාව මේ වන විට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පෙන්වා දෙන එම වාර්තාව, ණය විනිවිදභාවය සඳහා වන නිශ්චිත ශ්‍රේණිගත කිරීම්වල 5 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇති බව වැඩිදුරටත් සඳහන් කරයි.

