T20 ලෝක කුසලාන කණ්ඩායම් සංඛ්‍යාව 32 දක්වා ඉහළ නැංවීමට ICC අවධානය

0
3

බ්‍රිතාන්‍යයේ ‘The Telegraph’ පුවත්පත වාර්තා කරන අන්දමට, ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ තම මූල්‍ය ශක්තිය ඉහළ නංවා ගැනීම අරමුණු කරගනිමින් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 32 දක්වා දීර්ඝ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අවධානය යොමුව තිබේ.

මෙහි මූලික පියවරක් ලෙස 2032 T20 ලෝක කුසලානයේ සිටම තරග වදින කණ්ඩායම් සංඛ්‍යාව 20 සිට 24 දක්වා ඉහළ නැංවීමට දැනටමත් තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සත්කාරකත්වය දැක්වූ 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සාර්ථකත්වයත් සමඟ මෙම සාකච්ඡා වඩාත් වේගවත් වී ඇති අතර, මෙම ව්‍යාප්තිය හරහා නැඟී එන ක්‍රිකට් රටවලට ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වීමට වැඩි අවස්ථාවක් මෙන්ම ගෝලීය ප්‍රේක්ෂක ආකර්ෂණයක් ද හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here