ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද (28) පෙරවරු 10.00 ට හම්බන්තොටදී ආරම්භ වී තිබේ.
තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලියේ මීට පෙර පැවැති තරගවලින් කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කර ඇති බැවින්, දැනට තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවේ.

