ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කරයි.

0
9

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමාගේ සෘජු අදීක්ෂනය යටතේ, දිවයින පුරා ව්‍යාප්තව පවතින ඩෙංගු අවදානම අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිවයින පුරා පිහිටි ගුවන් හමුදා කදවුරු මගින් සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් අදාල ප්‍රදේශ වල පලාත් පාලන ආයතන,සෙෘඛ්‍ය අංශ සහ ප්‍රජාව සමග එක්වී අදාළ ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම හා පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සිදු කරනු ලබයි.

ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සහ ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන, දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here