සබරගමුව විශ්වවිද්‍යාලයේ සෞදි අරාබි අරමුදල් යටතේ ක්‍රියාත්මක වන වෛද්‍ය පීඨය අද (04) උත්සවාකාරයෙන් විවෘත කරයි.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වුණි..
සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලෙන් (SFD) ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ණයක් හරහා අරමුදල් සපයන මෙම ව්‍යාපෘතියට නවීන පීඨ සංකීර්ණයක්, ශිෂ්‍ය නේවාසිකාගාර, පුස්තකාලයක්, ආසන 1,000 කින් යුත් ශ්‍රවණාගාරයක් සහ රත්නපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයක් ඇතුළත් වේ.
මෙම නව වෛද්‍ය පීඨය ශ්‍රී ලංකාවේ 10 වන වෛද්‍ය පීඨය වන අතර සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ හිඟය පියවා ගැනීමට උපකාරී වන අතරම වෛද්‍ය අධ්‍යාපනයට ප්‍රවේශය පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.

