ගත වූ පැය 24 තුළ රෝගීන් 1,253ක්.

0
8
Patients at the Centre for Clinical Management of Dengue & Dengue Hemorrhagic Fever, Negombo (CQ) lie in bed on July 31, 2017 while receiving treatment. (Manori Wijesekera, GPJ Sri Lanka)

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම නිවේදනයකට අනුව, මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,668ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රෝග ව්‍යාප්තියේ දරුණු බව පෙන්වමින් මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 35ක් ලෙස සටහන් වන අතර, ගත වූ පැය 24ක කෙටි කාලය තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 1,253 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් හා දේශීය මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී බස්නාහිර පළාතෙන් වඩාත් දැඩි අවදානම් තත්ත්වයක් පෙන්නුම් කරන අතර, දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,811ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,443ක් ලෙස ඉහළ අගයන් වාර්තා වී ඇති බැවින්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here