මෙරට සෞඛ්‍ය සේවාවට තවත් නිලධාරින් 2652ක්

0
10

මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ රෝගී සත්කාරක සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු රැසක් කඩිනමින් පිරවීමට පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙල යටතේ, ඉදිරි මාසය තුළ සෞඛ්‍ය කාර්ය සහායක, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර, ක්‍‍ෂේත්‍ර මදුරු මර්දන සහායක සහ සුළුසේවා පාලක යන තනතුරු සඳහා වෘත්තිකයින් 2,652 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතය.

ඒ අනුව, දීර්ඝ කාලයකට පසු සිදු කෙරෙන මෙම බඳවා ගැනීම් යටතේ බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක පළමු කණ්ඩායම ලෙස පුද්ගලයින් 627 දෙනෙකුට හෙට (04) දින පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ. ඉන් අනතුරුව, ජූලි 18 වනදා 600 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායමට ද, අගෝස්තු 01 වනදා 762 දෙනෙකුගෙන් යුත් තෙවන කණ්ඩායමට ද සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මීට අමතරව, සෞඛ්‍ය සේවාවේ පරිපාලන හා ක්ෂේත්‍ර කටයුතු ශක්තිමත් කරමින් ජූලි 16 වනදා රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාරවරුන් 247 දෙනෙකු සඳහා ද පත්වීම් පිරිනැමේ. එමෙන්ම අගෝස්තු 01 වනදා වන විට ක්ෂේත්‍ර මදුරු මර්දන සහායකයින් 295 දෙනෙකු සහ සුළුසේවා පාලකයින් 121 දෙනෙකු ද සෞඛ්‍ය සේවයට අලුතින් එක් කර ගැනීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here