2026 ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට

0
11

ජාත්‍යන්තර සංචාරක මාධ්‍යයක් වන Big 7 Travel ආයතනය විසින් සිදු කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, 2026 වසර සඳහා සංචාරය කිරීමට සුදුසු ලොව හොඳම දූපත් 50 අතරින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

සැතපුම් 833ක දිගින් යුත් මනරම් වෙරළ තීරය, දර්ශනීය මධ්‍ය කඳුකරය, ලෝකප්‍රසිද්ධ තේ වගාවන් මෙන්ම පොහොසත් සංස්කෘතික උරුමය සහ සුවිශේෂී ජෛව විවිධත්වය ශ්‍රී ලංකාව මෙලෙස ලෝකයේම පෙරමුණට පැමිණීමට ප්‍රධාන හේතු වී තිබේ.

විශේෂයෙන්ම, වන සතුන්ගෙන් සරු යාල ජාතික වනෝද්‍යානය සහ යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් සීගිරිය වැනි ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථාන ද මෙම සුවිශේෂී ජයග්‍රහණය සඳහා ප්‍රබල ලෙස බලපා ඇත.

මෙයට අමතරව, එම ආයතනය විසින්ම ප්‍රකාශයට පත් කරන ලද ලොව හොඳම වෙරළ තීරයන් 50 ලැයිස්තුවේ 26 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුන්දර උණවටුන වෙරළ තීරය සමත්වීම ද මෙරට සංචාරක ක්ෂේත්‍රය ලැබූ තවත් සුවිශේෂී ඇගයීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here