මැදපෙරදිග ගැටුම් නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන්ද ප්‍රමාද වෙයි.

0
2

මැද පෙරදිග කලාපය ආශ්‍රිත ගුවන් කලාප වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවල, ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

එමෙන්ම ගුවන් යානාවල ගමන් මාර්ගයන් හි වෙනසක් සිදු කර ඇති බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් දැනුම්දී ඇත.

ඉරානය සහ ඊශ්‍රායලය අතර උද්ගතවී ඇති ගැටුම්කාරී වාතාවරණයත් සමග මේ වන විට කටාර්, එක්සත් අරාබි එමීර්, බහරේන් ඇතුළු රටවල් කිහිපයක් සිය ගුවන් කලාප තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here