ඉරානයට එල්ල කරන ලද එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර රැල්ල සහ ටෙහෙරානයේ පළිගැනීම් හේතුවෙන් කලාපීය ප්‍රචණ්ඩත්වය දරුණු අතට හැරී තිබේ.
මේ නිසා මැදපෙරදිග ගුවන් අවකාශයෙන් වැඩි කොටසක් වසා දැමීමට පියවර ගෙන ඇත.
අද දිනයේ මෙම ගැටුම පුපුරා යාමත් සමඟ ඉරානය, ඊශ්‍රායලය, ඉරාකය, ජෝර්දානය, කටාර්, බහරේනය, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු අවම වශයෙන් රාජ්‍ය අටක් තම ගුවන් අවකාශය වසා දැමූ බව ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලය සමඟ දේශසීමාව දිගේ දකුණේ තම ගුවන් අවකාශයෙන් කොටසක් පැය 12 ක් වසා දැමූ බව සිරියාව ද නිවේදනය කළේය.
ඉරානයේ මිසයිල කර්’මාන්තය විනාශ කර එහි නාවික හමුදාව විනාශ කරන බවට පොරොන්දු වූ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානය පුරා ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව මෙම වසා දැමීම් සිදු විය. ප්‍රහාරය සිදුවන තෙක්ම තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සාකච්ඡාවල නියැලී සිටි ඉරානය, දැඩි ප්‍රතිචාරයක් පොරොන්දු වූ අතර ඉක්මනින්ම ඊශ්‍රායලයේ පළිගැනීමේ ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම කටාර්, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය ඇතුළු ඇමරිකානු හමුදා රඳවා සිටින ගල්ෆ් අරාබි රාජ්‍යයන් කිහිපයකට ද පහර දීමට පටන් ගත්තේය.

