2025 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ.

0
126

NEWSNOW | – 2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වීමට නියමිතය.

මෙවර විභාග මධ්‍යස්ථාන 3,545ක අපේක්ෂකයින් 451,463ක් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හෙට (17) සිට ලබන 26වනදා දක්වා විභාගය පැවැත්වෙන අතර විභාගය ආරම්භ වීමට පැයකට පෙර නියමිත මධ්‍යස්ථානවලට අපේක්ෂකයින් පැමිණිය යුතු බව විභාග කොමසාරි ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය.