ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරඟය වෙනුවෙන් මාලිගාවත්තේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

0
1

අද දින ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරඟය හේතුවෙන් මාලිගාවත්ත ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලසුම් ක්‍රියාත්මක කර ඇත.

ආරක්ෂක පියවර වලදී පොලිස් නිලධාරීන්ට පූර්ණ සහයෝගය ලබාදෙන ලෙසත්, කඩු ආදී තියුණු ආයුධ, ගිනිකෙළි, වීදුරු බෝතල් හෝ විශාල බෑග් වැනි තහනම් ද්‍රව්‍ය ක්‍රීඩාංගණයට රැගෙන නොඑන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ප්‍රේක්ෂකයින් වේලාවට පෙර පැමිණ රථවාහන උපදෙස් පිළිපැදීමත්, කාර්යබහුල වේලාවන්හි අනවශ්‍ය ගමන් සීමා කිරීමත්, සැක සහිත ක්‍රියාකාරකම් සිදුවුවහොත් පොලිස් නිලධාරියෙකුට ඒ පිළිබඳ දැනුම් දීමත් අවශ්‍ය බවද දැනුම් දෙයි.

අමතර පොලිස් බලකායක් යොදවා ඇති අතර, වාහන පරීක්ෂා කිරීම සහ විශේෂ නිරීක්ෂණ ක්‍රියාත්මක කරමින් මහජන ආරක්ෂාව සහ ගමනාගමනය තහවුරු කිරීමට පියවර ගෙන ඇත. අවශ්‍ය නම් රථවාහන වෙනස් මාර්ග යොදා ගැනීමද සිදු කෙරේ.

මෙම සියලු පියවර ක්‍රියාත්මක කරනුයේ ක්‍රිකට් ප්‍රේක්ප්‍ෂකයින්ටත් ප්‍රදේශවාසීන්ටත් සාමකාමී සහ ආරක්ෂිත පරිසරයක් සපයන අරමුණින් බව පොලීසිය අවධාරණය කරයි.

(අබ්දුල් රහ්මාන් අසීම්)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here