ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ගැන අනතුරු අඟවයි.

0
20

NEWSNOW | – ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක් මඟින් හෙළි කරයි.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අතීතයේ සිදුකර ඇති ලිංගික හිංසනයන් ප්‍රසිද්ධියේ පිළිගැනීමට හෝ අධිකරණමය නෛතික ව්‍යුහයක් තුළ වින්දිතයින්ට සාධාරණය ඉටුකිරීමට රජය කඩිනමින් අවධානය යොමුකළ යුතු බවය.

ලංකාවේ ගැටුම් හා සම්බන්ධ ලිංගික හිංසනය වර්තමානයේ දැඩිව සිදුවෙමින් පවතින අතර, එමෙන්ම එවැනි සිදුවීම්වලට මුහුණදෙන වින්දිතයින් ඒවා නිහඬව විඳදරා ගනිමින් සිටින බවද එහි සඳහන්ය.

ගැටුම් හා සම්බන්ධ ලිංගික හිංසනයන් පිළිබඳව කටයුතු කිරීමට නෛතික රාමුවක් තිබීම අනිවාර්යය බවද සඳහන් කර ඇති එහි වින්දිතයින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය අරමුණක් විය යුතු බවට ද අවධාරණය කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here