වරෙන්තු නිකුත් කළ විමල් වීරවංශ මහතා අධිකරණයට එයි.

0
113

NEWSNOW | – කොළඹ මහාධිකරණ විසින් වරෙන්තු නිකුත් කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධිකරණය වෙත පැමිණ තිබේ.

නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් විමල් වීරමංශ මහතාට වරෙන්තු නිකුත් කර තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

කෙසේවෙතත් මීට ටික වේලාවකට පෙර විමල් වීරවංශ මහතා අධිකරණය වෙත පැමිණි ඇත.