හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත් ජෙරම් කෙනත් ප්‍රනාන්දු ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි.
ඒ ඔවුන් අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ දැනුම් දීමකට අනුව, අද(05) පෙරවරුවේ එහි පැමිණි හිටපු අමාත්‍යයවරයා සහ ඔහුගේ පුත්‍රයා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අත්අඩංගුවට
ගැනුණි.
රාජ්‍ය දේපල සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
අදාළ විමර්ශනයේදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු ද, පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ, රාජ්‍ය දේපල සාවද්‍ය පරිහරණය, දැන දැනම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිලධාරීන් නොමග යවා එතනෝල් බලපත්‍රයක් ලබා ගැනීම, රජයට බදු මුදල් වංචා කිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේයී.
මේ අතර, සතොස හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු වූ ඉන්දික රත්නමලල ද පෙරේදා(03) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, ඊට ආධාර අනුබල දීමේ චෝදනාව මතයි.
කොළඹ අමරසේකර මාවතේ ලිපිනයක පවත්වාගෙන ගිය සමාගමක් පිළිබඳව 2015 නොවැම්බර් මාසයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණ නිර්නාමික පැමිණිල්ලක් මත, අදාළ විමර්ශනය ක්‍රියාත්මක වේ.

