අද මැදියම් රැයේ සිට ඉන්ධන නව මිල ගණන් මෙසේයි.

0
18

ජනවාරි මාසයට අදාළව ඉන්ධන සිල්ලර මිල ගණන්  සංශෝධනය කර ඇති බව සිපෙට්කෝ ආයතනය පවසයි.

ඒ අනුව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් වෙනස් වේ.

මිල සංශෝධනය අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ ගොස් තිබේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතී.

ඉන්ධන මිල වෙනස වන හැටි.

මේ අතර ලංකා IOC සමාගමද මේ ආකාරයටම ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here