ලංකාවට දැඩි බලපෑම් එල්ල කළ ‘දිට්වා’ සුළි කුණාටුව ඉන්දියාව දෙසට.

0
30

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ තමිල්නාඩුවෙන් ඉන්දියාවට ඇතුළුවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මේ හේතුවෙන් තමිල්නාඩුව ආශ්‍රිත වරායන්වලට අවවාදාත්මක නිවේදන මේ වනවිට නිකුත්කර තිබේ.

ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් ‘දිට්වා’ මේ වනවිට ඉන්දියාවේ පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් අතර කොරොමැන්ඩල් වෙරළ තීරය දෙසට ගමන් කරමින් පවතින බව සඳහන්.

මේ හේතුවෙන් ඩෙල්ටා දිස්ත්‍රික්කයට මෙන්ම තමිල්නාඩුවේ කඩලූර් සහ විල්ලුපුරම් දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඊයේ (27) පස්වරුව වනවිට ‘දිට්වා’ සුළි කුණාටුව මඩකලපුවට කිලෝමීටර් 60ක් දුරින් ගමන්කරමින් තිබුණි.

මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද නිවේදනය කර සිටියේ, මෑත ඉතිහාසයේ දිවයිනට ඇඳහැලෙන වැඩිම වර්ෂාපතනය ඉදිරි පැය කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here