රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක්

0
109

 NEWSNOW | –  හෙට (28) සිකුරාදා රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් නිතිපතා කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී ඇතිවන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, 2025.11.28 වන සිකුරාදා, එනම් හෙට, රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

තවද, මෙම නිවාඩු දිනය අත්‍යවශ්‍ය රජයේ සේවා සහ ආපදා සහන සේවාවලට අදාළ නිලධාරීන් කැඳවීමට බාධාවක් නොවිය යුතු බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.