සියළු දුම්රිය ධාවනය අත්හිටුවයි

0
21

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අද (28) උදෑසන 6 න් පසු සියලුම මාර්ගවල දුම්රිය සේවා අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් බවයි මෙහෙයුම් අතිරේක සාමාන්‍යාධිකාරී චන්ද්‍රසේන බණ්ඩාර පවසයි.

දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ග කිහිපයක් ඔස්සේ නායයෑම් අවදානම වැඩි වී තිබේ.

ගංවතුර තත්ත්වයන් සහ ගස් කඩා වැටීමේ අවදානම ද ඉහළ ගොස් ඇත.

මේ අනුව, රට පුරා පවතින මෙම අවදානම් තත්ත්වයන් හේතුවෙන් සියලුම දුම්රිය ගමනාගමනය තාවකාලිකව නවතා දමා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here