හෙට දින පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන්ට දැනුවත් කිරීමක්!

0
90

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වේ. මේ සම්බන්ධයෙන් වන විශේෂ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ පැවැත්වුණි.

ඒ විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එම් ඉන්දිකා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ “පෙරවරු 9:30ට තමයි විභාගය ආරම්භ වෙන්නේ. නමුත් සියලුම දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8.30 වෙනවිට යන්න ඕනේ. පෙරවරු 9 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතුයි.”

“මුලින්ම දරුවන්ට ලබාදෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. අවසන් වෙන්නේ 10:45ට.ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් තිබෙනවා.”

“පළමු ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 11.15ට. මේ ප්‍රශ්න පත්‍රයට පැයක කාලයක් තියෙනවා. ඒ අනුව 12:15ට තමයි ඒ ප්‍රශ්න පත්‍රය අවසන් වෙන්නේ. ඒ අනුව සම්පූර්ණ විභාගයම අවසන් වෙන්නේ 12.15ට.”

“විභාගය අතරතුර යම් ආපදා තත්ත්වයන් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුම්දෙන්න පුළුවන්. විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.” යනුවෙන් විභාග කොමසාරිස්වරිය පැවසුවාය.